මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා
සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා"
(මේ කවියේ තියෙන්නෙත් මෙහෙමයි අපිට මේක එවපු පුද්ගලයා කියලා තිබුණ විදියට තමයි දැම්මේ එක වැරදිනම් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා )
මේ නොදන්නා අයවෙනුවෙන් පී. බී. අල්විස් පෙරේරාගේ මේ කවි පෙළ අපි ඉගෙනගන්නෙ ඉස්කෝලෙ පොඩි පන්තිවලදි මයි. අල්විස් පෙරේරා කියන්නෙ හිටපු දක්‍ෂ කවියෙක්. ඒත් කරුණු හැටියට ගත්තොත් නම් මේ කවියෙන් කියන්නෙ පට්ටපල් බොරුවක්. මහවැළි, කැළණි, වලවේ කියන ගංගා පටන්ගන්නෙ සමනල කන්ද හෙවත් ශ‍්‍රීපාද කන්දෙන් නෙවෙයි!
සාමාන්‍යයෙන් ගංගාවක් හැදෙන්නෙ එකඑක තැන්තැන්වලින් එන පොඩිපොඩි දිය පාරවල් ගොඩක් එකතුවෙලා මිස එක තැනකින් ටැප් එකක් ඇරියා වගේ පටන්ගන්නේ නෑ. ඒ වුණත් ඒ අතරින් ප‍්‍රධාන මූලාශ‍්‍රය ඒ ගංගාවේ ආරම්භය කියල ගන්න එකෙත් වරදක් නෑ. ඒත් එහෙම බැලූවත් ඔය ගංගා හතරෙන් සමනල කන්දෙන් පටන්ගන්නෙ කළු ගඟ විතරයි. කැළණි සහ වලවේ ගංගා පටන්ගන්නේ හෝටන් තැන්නෙන්. මහවැලි ගගේ ප‍්‍රධාන මූලාශ‍්‍රය වන කොත්මලේ ඔය පටන්ගන්නෙත් හෝටන් තැන්නෙන්.